රිය අනතුරු වැඩියෙන්ම සිදුවන දවස් සහ වේලාවන්

0
Vehicles Accidents - රිය අනතුරු වැඩියෙන්ම සිදුවන දවස් සහ වේලාවන්

ඊයේ (31) දිනයේ රිය අනතුරුවලින් මරණ 9ක් සිදුව තිබෙනවා.

ඉන් මරණ හයක් ඊයේ දිනයේ සිදුවූ අනතුරුවලින් වාර්තා වන අතර ඉතිරි අය ඉන් පෙර අනතුරුවලට ලක්ව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් වනවා.

පසුගිය සතියේ දී රිය අනතුරු 385ක් වාර්තා වී ඇති අතර දිනකට අනතුරු 50ක් පමණ සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම අනතුරු වැඩි වශයෙන් සෙනසුරාදා ,ඉරිදා සහ බදාදා දිනවල වාර්තාවන බවත් ඔහු සඳහන් කළා.

සවස 4ත් රාත්‍රී 8ත් අතර අනතුරු වැඩි වශයෙන් වාර්තාවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.