අද දිවයිනේ ස්ථාන කිහිපයකට වැසි

0
Today Weather Forecast - අද දිවයිනේ ස්ථාන කිහිපයකට වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී 40 – 50 පමණ දක්වා වැඩි විය හැකිය.