කාන්තා මීටර් 100 පදක්කම් 03ම ජැමෙයිකාවට.. වසර 33ක ඔලිම්පික් වාර්තාවත් බිඳවැටේ…

0
Elaine Thompson - කාන්තා මීටර් 100 පදක්කම් 03ම ජැමෙයිකාවට.. වසර 33ක ඔලිම්පික් වාර්තාවත් බිඳවැටේ...
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 ධාවන ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ යන ස්ථාන 03 ම හිමිකර ගැනීමට ජැමෙයිකාව සමත්වුණා.

නව ඔලිම්පික් තරග වාර්තාවක්ද බිහිකරමින් රන් පදක්කම දිනා ගත්තේ එලේන් තොම්ප්සන් විසිනුයි.

වාර්තාකල කාලය තත්පර 10.61ක්.

ඇය විසින් බිඳහෙලනු ලැබුවේ වසර 33 කට ඉහතදී එනම් 1988 වසරේ පැවති සෝල් ඔලිම්පික් උළෙලේදී අමෙරිකානු ක්‍රීඩිකා ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් විසින් තබා තිබූ වාර්තාවයි.

අද පැවති අවසන් මහා තරගයේ රිදී පදක්කම තත්පර 10.74ක් සටහන් කල ජැමෙයිකානු ක්‍රීඩිකා ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් විසින් හිමිකරගත් අතර ලෝකඩ පදක්කම දිනාගත්තේ ජැමෙයිකානු ක්‍රීඩිකා ශෙරිකා ජැක්සන් විසිනුයි.

ඇය වාර්තාකල කාලය තත්පර 10.76ක්.