ඩෙල්ටා ප්‍රභේදය ගැන රහස්‍ය වාර්තාවක් පිටවේ

0
Delta Variant - ඩෙල්ටා ප්‍රභේදය ගැන රහස්‍ය වාර්තාවක් පිටවේ

ඩෙල්ටා ප්‍රභේදය අනෙකුත් සියලු වෛරස අභිබවා දැඩි රෝගාබාධ තත්ත්වයන් ඇති කළ හැකි බව අමෙරිකානු වසංගත රෝග පාලන ආයතනයේ වාර්තාවකින් අනාවරණ වී තිබෙන බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.

ප්‍රසිද්ධියට පත් නොකළ එම වාර්තාවේ පිටපතක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ලැබී ඇත.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පැපොල රෝගය මෙන් පහසුවෙන් පැතිරිය හැකි බවත් එය මර්ස්, සාර්ස්, එබෝලා, වසූරිය සහ සාමාන්‍ය ප්‍රතිශ්‍යාවටත් වඩා සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත බව එම වාර්තාවේ සඳහන් වේ.

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගෙන් පවා එන්නත් නොකළ පුද්ගලයින් සේම වෛරසය පැතිරවීමට හැකියාවක් ඇති බව එහි දැක්වෙයි.

පූර්ණ එන්නත්කරණය ලැබූ අමෙරිකානුවන් අතරින් 35,000 කට පමණ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වී තිබූ බව වාර්තාවේ සඳහන් වන අතර නමුත්, එන්නත් මගින් කොරෝනා ආසාදනය නිසා ඇතිවන බරපතල රෝගාබාධ තත්ත්වය 90% ක් පමණ වළක්වන බවද එමඟින් අවධාරණය කර තිබේ.