බිරිඳව ඝාතනය කර සැමියාත් සියදිවි නසාගනී (වීඩියෝ)

0
Murder and Suicide - බිරිඳව ඝාතනය කර සැමියාත් සියදිවි නසාගනී (වීඩියෝ)
කහටගස්දිගිලියේ කුකුලෑව ප්‍රදේශයේ දී සිය බිරිඳට හා තවත් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙක් එල්ලී මියගොස් ඇති බව වාර්තා වනවා.

පහරදීමෙන් එක් කාන්තාවක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් කාන්තාව බරපතල තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

එලෙස මිය ගිය කාන්තාව සිටි ස්ථානයට නුදුරින් ඇති ගසක සැකකරු එල්ලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වු කාන්තාවක් සහ අවුරුදු 46ක් වු පුද්ගලයෙක්.

මියගිය දෙදෙනා අඹුසැමියන් වන අතර මියයන විට වෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කහටගස්දිගිලිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.