ඉසුරු උදාන ජාත්‍යනතර ක්‍රිකට් පිටියට සමුදෙයි

0
Isuru Udana - ඉසුරු උදාන ජාත්‍යනතර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව තහවුරු කරනු ලැබුවා.

33 හැවිරිදි ඉසුරු උදාන සිය තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙත දැනුම් දී තිබෙනවා.