අද කොවිඩ් ආසාදිතයින් 2,400 ඉක්මවයි

0
Covid New Cases Today - අද කොවිඩ් ආසාදිතයින් 2,400 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 820 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,455කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 306,657ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,726ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 275,222ක් විය.

Today Recoveries - අද කොවිඩ් ආසාදිතයින් 2,400 ඉක්මවයි

ඊයේ (29) සිදුවූ කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) දින තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.