කොවිඩ් මරණ 56ක් වාර්තා වෙයි

1
Covid Deaths Yesterday - කොවිඩ් මරණ 56ක් වාර්තා වෙයි
ඊයේ (29) සිදුවූ කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) දින තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 56න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 38දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් 15 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.

සෙසු පුද්ගලයින් 41දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය වේ.