කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යෑමක්.. හැකි ඉක්මනින් එන්නත ගන්න…

0
Covid 19 in Sri Lanka - කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යෑමක්.. හැකි ඉක්මනින් එන්නත ගන්න...

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින් හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි තමා ජනතාව ගෙන් නැවත වරක් ඉල්ලා සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

පවතින තත්වය යටතේ නිරෝධායන නීති ආරක්ෂා කිරීමද අතිශයින්ම වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය.

කොරෝනා ආසාදිතව මියගොස් ඇති බහුතරය කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් අය බවත් රටට තියෙන වැදගත්ම රැකවරණය කොරෝනා එන්නත බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

ආසාදිත වූ වැඩි පිරිසක්ද එන්නත නොලැබූ අය බව හෙතෙම කීවේය.

ජනතාවට එන්නත ලබා ගැනීමේ පහසුව සඳහා රට පුරා මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇතැයි පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදීද එන්නත ලබාදීම සිදුකරන බව පැවසුවේය.