ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව පමණක් ගැනීමෙන් සති 16කට පසු ප්‍රතිදේහ අඩුවන බව හෙළිවෙයි

0
Dr. Chandima Jeewandara - ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව පමණක් ගැනීමෙන් සති 16කට පසු ප්‍රතිදේහ අඩුවන බව හෙළිවෙයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමෙන් සති 16කට පසුව ශරීරයේ කාර්යක්ෂම ප්‍රතිදේහ ප්‍රමාණය මුල් සති කිහිපයට සාපේක්ෂව සියයට 26කින් පමණ අඩුවන බව මෙරට තුළ සිදුකළ නවතම පරික්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා – ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයයි මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමෙන් සති 8ත් 12ත් අතර කාලය තුළ දෙවන මාත්‍රාව ලබාගතයුතු බව එන්නත නිෂ්පාදනය කළ සමාගම නිර්දේශ කර තිබුණා.

කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මේවනවිටත් මෙරට පුද්ගලයින් රැසකට ලබාගැනීමට නොහැකිවී ඇත්තේ ආනයනයකර තිබූ මාත්‍රා සියල්ල මේවනවිට අවසන්වී තිබීම හේතුවෙන්.

මෙම තත්වය සැළකිල්ලට ගෙනයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමෙන් සති 16කට පසුව කොවිඩ් වෛරසයට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා – ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනය විශේෂ පරික්ෂණයක් සිදුකර ඇත්තේ.