පිළිස්සී මියගිය ඉෂාලිනිගේ දේහය පේරාදෙණියට

0
පිළිස්සී මියගිය ඉෂාලිනිගේ දේහය පේරාදෙණියට

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

හැටන් ඩයගම පොදු සුසාන භූමියේ දැරියගේ සිරුර මිහිදන්කර තිබූ අතර නුවරඑළිය මහෙස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ සිරුර ගොඩගැනීම සිදු වේ.

අනතුරුව පොලිස් ආරක්ෂාව යටතේ එම සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමු කිරීමට නියමිතව තිබේ.

අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ දැරියගේ සිරුර ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here