මස්කෙළිය පොලිසියේ 24 හැවිරිදි පොලිස් නිලධාරියෙක් හදිසියේ මිය යයි

0

මස්කෙළිය පොලීසියේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල් වරයෙක් අද (09) පෙ.ව. 09.45 ට පමණ හදිසියේ මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ ලුණුගල, හොක්ටන් වතුයායේ, පහළ කොටසේ පදිංචිව සිටි (24) හැවිරිදි රාමසාමි රාගවන් (93325) නැමති අවිවාහක පොලිස් නිලධාරියෙක්.

මස්කෙළිය පොලීසියේ, විශේෂ බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට ඇති මෙම පොලිස් නිලධාරියා අද (09) හදිසියේ පපුවේ අමාරුවක් ඇති බව පැවසූ බවත්, වහා පොලිස් ජීප් රථයෙන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් ඇති බවත් මස්කෙළිය පොලීසිය පවසනවා.

මෙම පොලිස් නිලධාරියාගේ පී.සී.ආර්. සාම්පල් ලබාගෙන නුවරඑළිය මහ රෝහල වෙත යැවීමට කටයුතු කළ බවයි මස්කෙළිය ප්‍රදේශිය රෝහලේ වෛද්‍යවරයෙක් සඳහන් කළේ.