ඩෙල්ටා එද්දී එන්නත්කරණය ඉතා වේගවත් වෙයි.. ඊයේ පමණක් ලක්‍ෂ 5 පනී…

0
Covid Vaccined Yesterday - ඩෙල්ටා එද්දී එන්නත්කරණය ඉතා වේගවත් වෙයි.. ඊයේ පමණක් ලක්‍ෂ 5 පනී…
දිනක් තුළ ලබා දුන් කොවිඩ් 19 එන්නත් මාත්‍රා ප්‍රමාණය පළමු වරට ලක්ෂ 5 සීමාව පසු කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඊයේ දින තුළ පමණක් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 515,830 කි.

ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව 418494, සයිනොෆාම් දෙවන මාත්‍රාව 56738, ෆයිසර් 38430, මොඩර්නා 2168 ලෙස ලබා දී ඇත.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 එන්නත් මාත්‍රා ලක්ෂ 112ක් ලබා දී ඇත.