සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු මියයයි

0
Dead Person in Massage Centre - සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු මියයයි
තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු එම සම්භාහන මධ්‍යස්ථානය තුලදීම මියගොස් තිබෙනවා.

තලංගම පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා අද (29) අලුයම 5.10ට පමණ සම්භාහනයක් සිදුකර ගැනීම සඳහා පැමිණ ඇති අතර පැමිණ සුලු වේලාවකින් ඔහු මරණයට පත්ව ඇති බවයි.

මෙම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක විවාහක පුද්ගලයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහුට සේවය සැපයූ කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් අදාළ පුද්ගලයා බීමතින් ද සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඔහුට හදවත් සැත්කමක් සිදුකර තිබී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

මෙම පුද්ගලයා සිය බිරිඳ සමග ගම්පහ ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවසේ සති දෙකක පමණ කාලයක් සිට යළිත් නිවසට තනිව පැමිණ සිටියදී ඔහු සම්භාහන මධ්‍යස්ථානයට පැමිණ ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර තලංගම පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.