රිය අනතුරු කිහිපයකින් 08 දෙනෙකු මරුට

0

ගාල්ල – උඩුගම මාර්ගයේ මාදොල වංගුවේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අක්මීමන පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

36 හැවිරිදි එම පොලිස් කොස්තාපල්වරයා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ,ඉන් 05 දෙනෙකු යතුරුපැදි අනතුරුවලින් මිය ගොස් ඇති බවයි. වැසි සහිත කාලගුණය හමුවේ , රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක් ඇති බැවින් විමලිසිමත්ව රිය ධාවනය කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.