අසාද් සාලිගේ පෙත්සම සලකාබැලීම කල්තැබේ

0
අසාද් සාලිගේ පෙත්සම සලකාබැලීම කල්තැබේ

තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා අගෝස්තු මස 10 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සමක් අද විජිත් මලල්ගොඩ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට පෞද්ගලික කරුණක් හේතුවෙන් අද (29) දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බැවින් එය සලකාබැලීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකාබැලීම අගෝස්තු මස 10 වනදා දක්වා කල් තැබීය.