ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරයි

0
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරයි

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (29) කොළඹ දී විවෘත කර තිබේ.

ජනාධිපති මාධ්ය අංශයේ කටයුතු තවත් පුළුල් කරමින්  නවීන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් කාලීන හා නිවැරදි තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමේ අරමුණින් එම මාධ්‍ය කේන්ද්‍රය විවෘත කර තිබේ.

ජනාධිපති උපදේශක, ලලිත් වීරතුංග මහතාගේ සහ තවත් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙය සිදු කර තිබේ.

මෙහි ජනපති ඇමතිමට වේදිකාවක් මාධ්‍යවේදීන් 200 කට අසුන්ගැනීමට පහසුකම් හා එවෙලේම වීඩියෝ සංස්කරණය කරන්නට හැකි මැදිරියක්ද අඩංගුය.