ඉපදී දින දෙකෙන් කොවිඩ් මරුවා කුළුදුල් දරුවා රැගෙන යයි

0
Baby Deaths - ඉපදී දින දෙකෙන් කොවිඩ් මරුවා කුළුදුල් දරුවා රැගෙන යයි
මෙරට සිදුවූ අඩුම වයසේ කොවිඩ් මරණය ඊයේ (28) දින වාර්තා වී තිබෙනවා.

වැලිපැන්න දිප්පිට පදිංචි මවක විසින් කළුතර නාගොඩ රජයේ රෝහලේදී මෙම මවගේ කුළුදුල් බිලිඳා බිහිකර තිබෙන අතර ඉපදී දින දෙකකට පසුව බිලිඳා මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මෙම බිලිඳා කොවිඩ් වෛරසය වැළදීමෙන් මිය ගොස් තිබෙන බවයි වාර්තා වී තිබෙන්නේ.

බිලිඳු මෘතදේහය ඊයේ (28) පස්වරුවේ දී මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදාහනය සිදුකර තිබෙනවා.