හලාවත කොරෝනා ආසාදිත කතක් නිවසේදීම මරුට

0

හලාවත ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ මරණයක මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණයකදී එම තැනැත්තියට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වූ බව හලාවත රෝහල් නිලධාරීන් පවසනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හලාවත සුදුවැල්ල මැදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි තිදරු මවක්.

රෝගාතුර වීමෙන් නිවසේ ප්‍රතිකාර කරමින් සිටියදී මෙම මරණය සිදුව ඇති අතර ආසාදිත මරණකාරියගේ පවුලේ ඥාතීන් සහ ආශ්‍රිතයින් සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

මේ අනුව එම ප්‍රදේශයේ අවට ප්‍රදේශවල ජනතාව මෙම අවධානම් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් සිට තම නිවෙස්වලම රැඳී සිටින ලෙසට හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටිනවා.