හෝමාගම සමගියේ මන්ත්‍රීවරු 8ක් එජාපයට

1
Homagama Pradeshiya Sabha MPs - හෝමාගම සමගියේ මන්ත්‍රීවරු 8ක් එජාපයට
සමගි ජන බලවේගයට සහය දැක්වූ හෝමාගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනකු නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එජාප කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම මන්ත්‍රීවරුන් අට දෙනා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී නැවත එක්සත් ජාතික පක්ෂයට සහාය ලබාදෙන බව දැනුම් දී තිබේ.

හෝමාගම ප්‍රාදේශීය සභාවෙි විපක්ෂ නායක රංග අබෙිසිංහ මහතා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් වශයෙන් ද කටයුතු කළේය.

තමන් කිසිවිටකත් එක්සත් ජාතික පක්ෂය හරනොගිය බවත් ජනාධිපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වූ අවස්ථාවේදී තමන් පක්ෂයේ තීරණය අනුව ඔහුට සහයෝගය ලබාදුන් බවත් එම මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබේ.