වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් 17දෙනෙකුට කොවිඩ්

0
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් 17දෙනෙකුට කොවිඩ්

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ එම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඒ බව හදුනාගත් බවයි.

එම පොලිස් ස්ථානයේ කාන්තා නිලධාරිනියන් සිව්දෙනෙකුට මුලින්ම කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා 27 වැනි දින ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහිදී ඔවුන්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් පොලිස් ස්ථානයේ අනෙකුත් නිලධාරීන් ද අද දින පරීක්ෂණයට යොමුකර තිබිණි.

එහිදී තවත් නිලධාරීන්ට 13දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබේ.

එම නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ද පරීක්ෂණයට යොමු කිරීමෙන් හත්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු කර ගත් බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.