රහස් පොලිසියට කැඳවූ ‘හරීන් ගැන’ සජිත් කී දේ

0
රහස් පොලිසියට කැඳවූ ‘හරීන් ගැන’ සජිත් කී දේ

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් තමන්ද, තම පක්ෂය ද නිරන්තරයෙන්ම පෙනි සිටින බවත් මෙවැනි කටයුතු තුළින් ඔහුගේ හෝ පක්ෂයේ ගමන අවහිර කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (28) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා.

සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මාධ්‍ය ප්‍රකාශක මනූෂ නානායක්කාර ඇතුලු කිහිප දෙනෙක්ම එම අවස්ථාවට එක්ව සිටියා.