කොරෝනා නීති කැඩූ මහරාජාගේ අවමගුල ගැන මුල සිට සොයයි

0
Funeral of Rajamahendran - කොරෝනා නීති කැඩූ මහරාජාගේ අවමගුල ගැන මුල සිට සොයයි

කැපිටල් මහරාජා සමූහයේ අධිපතිව සිටි රාජෙන්ද්‍ර රාජමහේන්ද‍්‍රන් මහතාගේ අභාවයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය වීම පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ මහතා කොරෝනා ආසාදිත මිය ගිය අතර ඔහුගේ දේහයට අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව සිටීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අවසන් කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අමාත්‍යවරු ද අදහස් පළ කර ඇත.

එම අවමංගල කටයුතු නීති රාමුවෙන් බැහැරව කටයුතු කර ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

මේ අතර සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ එම අවමංගල්‍ය අවස්ථාව සෞඛ්‍යය මාර්ගඋපදේශ ඉක්මවා ඉහළ ජන සහභාගීත්වයකින් පැවැත්වීම පිළිබඳව මහජන පැමිණිලි තමන් වෙතද ලැබුණු බවයි.

ඒ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදුකරන ලෙස තමන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන් බවද ඇය කියා සිටියාය.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනටමත් ඒ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා මගින් වාර්තාවක් කැඳවා තිබේ.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)