බාලවයස්කාර දරුවන් කරවල වාඩි වල වැඩ

0
බාලවයස්කාර දරුවන් කරවල වාඩි වල වැඩ

මුහුදු ප්‍රදේශ ආශ්‍රිත පවතින කරවල වාඩි වල මෙහෙකාර සේවයේ යොදවා සිටින් දරුවන් සොයා විශේෂ විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

බාලවයස්කාර දරුවන් මෙලෙස ධීවර කටයුතුවලට යොදවාගෙන සිටින බවට බත්තලන්ගුණ්ඩුව, කල්පිටිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් පැමිණිලි රැසක් ලැබී තිබෙන බව අමාත්‍යවරයා පවසයි.

වාරකන් හේතුවෙන් මේ දරුවන් ධීවරයින්ගේ නිවෙස් වල රැඳී සිටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසට අමාත්‍යවරයා විසින් පොලිසියට දැනුම්දී ඇති බව වාර්තා වේ.