චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා ගැන විනය පරීක්ෂණ මේ සතියේ

0
චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා ගැන විනය පරීක්ෂණ මේ සතියේ

එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් ,නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිළිබඳව විනය පරීක්ෂණ මේ සතියේ පැවැත්වීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා .

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී ජෛව ආරක්‍ෂිත බුබුළට අදාළ සීමා ඉක්මවා යමින් කටයුතු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා

අදාළ ක‍්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණය සඳහා පස්දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් ද මිට පෙර පත් කරනු ලැබුවා