සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිතා කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

0
සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත කරන සංචාරක මාර්ගෝපදේශකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යාංශ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරනවා .

අන්තර්ජාලය ඔස්සේ පළවන ලිපි අධ්‍යයනය කරමින් මේවනවිට සංචාරකයින් මෙරටට පැමිණෙන බවත් එසේ පැමිණෙන
ඔවුන්ට වංචා නොකරන්නැයි ද සංචාරක අමාත්‍යවරයා සංචාරක මාර්ගෝපදේශකයින්ටද දැනුම් දී තිබෙනවා

සංචාරක ව්‍යාපාරය ක්‍රමවත් කිරීම සඳහා සංචාරක මාර්ගෝපදේශකයින් සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගෙන යන වැඩපිළිවෙළ හඳුන්වාදීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා තිබෙනවා

යම්හෙයකින් සංචාරකයින්ගේ චෝදනා විමර්ශනය කිරීමේදී සංචාරක හැඳුනුම්පත අවභාවිතා කරන අය හඳුනා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාකියා සිටියේ සංචාරකයන් වෙනුවෙන් උසස් තත්වයේ සේවා සපයන (quality tourism) ක්‍රමයක් සකස් කිරීම සදහා මේ වෙනකොට සංචාරක මාර්ගෝපදේශකයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ පියවර ගෙන ඇති බවයි

ඒ අනුව ජාතික තලයේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් 1580ක් කොළ පැහැති හැදුනුම්පත යටතේද , රියදුරු සංචාරක මාර්ගෝපදේශකයින් 1336ක් කහ පැහැති හැඳුනුම්පත යටතේද, ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් 747ක් දුඹුරු පැහැති හැඳුනුම්පත යටතේද, ස්ථානීය මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් 93න් දෙනාට රතු පැහැති හැඳුනුම්පත යටතේද සංචාරක සංවර්ධන අධිකාරි විසින් ලියාපදංචි කර තිබෙනවා

මෙම හැඳුනුම්පත් වල QR කෝඩ් එක මගින් මාර්ගෝපදේශකයා පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීමේ හැකියාව සංචාරකයාට හිමිවනු ඇති

එමෙන්ම විදේශීය සංචාරකයෙක්ට තමන් සමග සිටින මාර්ගෝපදේශකයා පිළිබඳ හොද හෝ නරක සම්බන්ධයෙන් මේ හරහා දැනුවත්වීමට හැකියාව ලැබෙනවා

එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමත් සමග සංචාරක ව්‍යාපාරය නව ප්‍රවේශයකින් ආරම්භ කිරීම රජයේ අරමුණ බවත් සදහන් කළ සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සංචාරකයන් ගෙන් ලබාගන්නා මුදලට සරිලන සේවයක් සංචාරකයින් වෙනුවෙන් නොලැබුනහොත් රටේ කීර්තිනාමයට හානි වීම අවම කිරීමත් , සංචාරක කර්මාන්තය විධිමත් ලෙසින් පවත්වා ගෙන යාමත් මෙමගින් සිදුවන බවයි