ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් රටපුරා ‘රටම අවදානමේ’

0
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් රටපුරා 'රටම අවදානමේ'

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් රටපුරා පැතිර සිටින බව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා

වාර්තා වන රෝගීන්ට වඩා බිම් මට්ටමේ රෝගීන් වැඩි ප්‍රමාණයක් සිටින බව විශ්වාස කරන බවත් දැනටමත් සිඝ්‍රයෙන් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ

රට පුරා වාර්තාවන රෝගීන් ප්‍රමාණය වැඩිවී ඇති බවත් එමෙන්ම දෛනික මරණ ප්‍රමාණයද වැඩිවී තිබෙන බවද උපුල් රෝහණ මහතා පවසනවා

කලින් මේ පිළිබඳව අනතුරු අඟවා ඇති බවත් මේ තත්ත්වය ගැන දැන්වත් අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි වැඩිදුරටත් ඔහු පවසන්නේ

රටම අවදානම් තත්ත්වයට යාම වැළක්විය නොහැකි බවද වැඩිදුරටත් උපුල් රෝහණ මහතා පවසනවා