මේ ගෙවෙන්නේ මගේ ක්‍රිකට් දිවියේ හොඳම කාලයයි

0
මේ ගෙවෙන්නේ මගේ ක්‍රිකට් දිවියේ හොඳම කාලයයි

මේ ගෙවෙමින් තිබෙන්නේ තමාගේ ක්‍රිකට් දිවියේ හොඳම කාලය බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන ක‍්‍රීඩක දුෂ්මන්ත චමීර පවසයි.

පළමු විස්සයි විස්ස තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් චමීර මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ චමීර ‘පසුගිය කාලයේ ආබාධ වලට ලක්වෙලා හිටියා. ඒ සියල්ල සුවකරගෙන තමයි නැවත ක‍්‍රීඩා කරන්න ආවේ. මේ ගෙවෙන්නේ මගේ ක‍්‍රිකට් දිවියේ හොඳම කාලය. එක දිගට මැච් දිනවන්න මගේ දායකත්වය දෙන්න හිතාගෙන ඉන්නේ’ යි කීවේ.

වේග පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් චමින්ද වාස්ගේ අත්දැකීම් ශ‍්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට බෙහෙවින් වැදගත් වන බව දුෂ්මන්ත එහිදී කියා සිටියේය.

ඉන්දියාව සමග පැවැති පළමු විස්සයි විස්ස තරගයේ ජයග‍්‍රහණය හඹායාමේදී ශ‍්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබාගත් බවත්, දෙවැනි කඩුල්ල දැවී යාමෙන් අනතුරුව දළ ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවීම සහ මැද පෙල පිතිකරුවන්ගේ බිඳ වැටීම තරගයේ පරාජයට හේතු බවද දුෂ්මන්ත කීවේය.