එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින්ටත් ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරුදායක පණිවුඩයක්

0
Delta Variant - ඩෙල්ටා ප්‍රභේදය ගැන එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින්ටත් අනතුරුදායක පණිවුඩයක්

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ටද සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඒ පිළිබඳව සාක්ෂි ලැබෙමින් පවතින බවයි වෛරස් සහ වසංගත රෝග විද්‍යාඥයින් උපුටා දක්වමින් රොයිටර් ප්‍රකාශ කළේ.

විශේෂයෙන් රටවල් රැසක් නිරෝධායන සීමා ලිහිල් කරමින් සිය ආර්ථිකයන් විවෘත කරන අවස්ථාවක මෙය නව අභියෝගයක් ලෙස සැලකිය හැකියි.

කොරෝනා එන්නත්කරණය වෛරස් ආසාදනය උත්සන්න වීම සහ රෝහල්ගත කිරීම අවම කිරීමට හේතුවන කරුණක්.

කෙසේ නමුත්, අවදානම් කාණ්ඩවල සිටින විශාල පිරිසක් තවමත් එන්නත්කරණය ලබා නොතිබීම ගැටළුවක් බවයි ලොව පුරා දත්ත විශ්ලේෂණය කරමින් වසංගත රෝග විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.