රජය ණයක් ගෙවා නිමකරයි – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

0
රජය ණයක් ගෙවා නිමකරයි - රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

අද (27) දිනයේ දී කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB)  සඳහා ආපසු ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද (2021 ජුලි 27) දින ISB ආපසු ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත් වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත පූරණය කිරීමට ඉඩ සැලසීම සැලකිල්ලට ගත යුතු කරුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

මේ අතර මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.