දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන සොයා විශේෂ මෙහෙයුමක්

0
දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන විශේෂ මෙහෙයුමක්

බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන සොයා අද(27) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

බස්නාහිර පළාත සහ කොළඹ නගරය ආශ්‍රිතව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ

ළමා හා කාන්තා කාර්යාංශයේ සහ ප්‍රජා පොලිස් ඒකකය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබනවා

බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා කෲරත්වයට පත් කිරීමේ සිද්ධීන් ගණනාවක් ම පසුගිය දින කිහිපය තුළ වාර්තා වීමත් සමඟම මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා

බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම සහ කෲරත්වයට පත්කිරීම අපරාධමය වරදක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ