රට විවෘත කරන කාලය ගැන ජනපතිගෙන් දැනුම්දීමක්

0
President Gotabaya Rajapaksa - රට විවෘත කරන කාලය ගැන ජනපතිගෙන් දැනුම්දීමක්

සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (26 වැනිදා) දැනුම් දී ඇත.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ඔහු කියා සිටියේ ජූලි සහ අගෝස්තු මාස අවසන් වන විට තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.5ක් මෙරටට ලැබීමට නියමිත බවයි. එම එන්නත් ලබාදීමෙන් එන්නත්කරණයද 80%කින් පමණ අවසන් වන බව ද ජනාධිපතිවරයා කියා සිටී.

මෙරට ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් නිසා රට වසා දැමීම බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.