හාල් මිල රුපියල් 50 -75 අතර මිලකින් පහළට

0
Kiri Samba Price - හාල් මිල රුපියල් 50 -75 අතර මිලකින් පහළට

සම්බා සහ කීරි සම්බා හාල් මිල ලබන සතියේ රුපියල් 50 ත් 75 ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හාල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාල සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ සියයට අසූවක් පමණ ජනතාවක් පරිභෝජනය කරන නාඩු සහල් මිල රුපියල් 100ට අඩු මට්ටමකට ගෙන එන බව ද අලුත්ගමගේ මහතා කීය.

වී මිල සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමග එකගතාවයකට පැමිණි අයුරින් ලබන සතියේ දී සහල් මිල සම්බන්ධයෙන්ද ගිවිසුම් අත්සන් කරන බව කී අලුත්ගමගේ මහතා මේ අනුව ඉතිහාසයේ පළමුවරට හාල් මිල පාලනය සඳහා ආණ්ඩුව සක්‍රීයව දායක වන බවද සඳහන් කළේය.

බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)