පී.සී.ආර් කරද්දී රිදුනැයි හිමිනමක් හෙදියකට විදුරු පිඟානකින් ගහලා

0
PCR Test Incident - පී.සී.ආර් කරද්දී රිදුනැයි හිමිනමක් හෙදියකට විදුරු පිඟානකින් ගහලා
පි.සි.ආර්.පරික්ෂණයකදි දැඩි‍ වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදුරු පිගානකින් පහර කෑමට ලක් වූ හෙදියක බරපතල තුවාල ලබා රෝහල් කළ බවත් සිද්ධියට සම්බන්ධ හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බවත් ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කෝවිඩ් ඒකකයේ රාජකාරි වල නිරතවි සිටි හෙදියක් බව කියයි.

උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මුලික රෝහලට ඇතුළත් කර සිටි ආණමඩුව කුමාරගම විහාරස්ථානයක හිමිනමකගේ පි.සි.ආර් පරික්ෂණයක් සිදුකිරිමට අදාල පි.සි.ආර් සාම්පල ලබා ගන්නා ස්ථානයට කැදවා එම ස්ථානයේදි අදාල පරික්ෂණය සිදුකරමින් සිටියදි එම හිමිනමගේ කේඨ ලබා ගැනිමේදී වේදනාවක් ඇතිවු බව පවසමින් අසල තිබු විදුරු පිගානින් ‍හෙදියට පහර දි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවර්ණය වි ඇති බව පොලිසිය පවසයි.

හිමිනම විසින් විදුරු පිගානින් හෙදියගේ හිසට පහර දිමත් සමග හෙදිය එකවර විලාප දෙමින් බිම ඇද වැටි ඇති බව කියයි.

පසුව රෝහල් කාර්ය මණ්ඩලය කඩිනමින් පැමිණ හෙදියට ප්‍රථිකාර ලබා දිම සදහා රෝහල් ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත යොමු කර ඇත.

ඒ සමගම සිද්දියට සම්බන්ධ සැකකාර හිමිනම රෝහල් කාර්ය මණ්ඩලය විසින් අල්ලා පොලිස් නිළධාරින්ට බාර දිමට කටයුතු කර ඇත.

පහරදීමට යොදා ගත්පි ගාන කුඩා කැබලිවලට කැඩි ගොස් ඇති ආකාරය දැක ගත හැකි විය.

ආණමඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි පද්මිනි අබේරත්න මහත්මිය පැවසුවේ විදුරු පිගානින් පහර කෑ හෙදියගේ හිසට දරුණු තුවාල සිදුව ඇති බවත් ඇය ආණමඩුව රෝහලින් ප්‍රථිකාර ලබා දි කඩිනමින් වැඩි දුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවිමට කටයුතු කළ බවය.