විනෝදයට දියේ බැස ජීවිත අහිමි වූ නෑදෑ සොයුරන් දෙදෙනා

0
Brothers Dead - විනෝදයට දියේ බැස ජීවිත අහිමි වූ නෑදෑ සොයුරන් දෙදෙනා

කොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 24 වයස් වල ඥාති සොයුරන් දෙදෙනෙකි.

ඥාති සොයුරන් සිවු දෙනකු සති අන්තයේ විනෝද වීම සඳහා කුලියාපිටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර ,දැදුරුඔයේ ඇඹලයාගම ප්‍රදේශයේදී දිය නෑමට බැසීමේදී ඔය තුල තිබූ ගැඹුරු කලියක ගිලීමෙන් තරුණයන් දෙදෙනා මරණයට පත්ව ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලීසිය කියයි.

මියගිය තරුණයින් දෙදෙනාගේ සිරුරු මේ වන විට නිකවැරටිය මූලික රෝහලට බාර දී ඇති බවද සිරුරු පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සඳහන් කරයි .

සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here