මෙරට ජනප‍්‍රිය නිළියක් පොලිස් අත්අඩංගුවට

0
Actress - මෙරට ජනප‍්‍රිය නිළියක් පොලිස් අත්අඩංගුවට

මෙරට ජනප‍්‍රිය රංගන ශිල්පිනියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර ප‍්‍රදේශයේදී පොලිසිය විසින් ඇය ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි.

ඇය 24 දින රාත්‍රී 11 ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය කියයි.

ඇය බීමතින් සිට ඇද්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේදීම ස්වසන පරීක්ෂණයට ලක් කොට ඇති අතර ඇය බීමතින් නොසිටි බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.