කුකුල් කොටුවක බැඳ දියණියට දසවද දුන් නැන්දා හා පියාට දුන් අධිකරණ නියෝගය

0
Child Abuse in Norochcholai - කුකුල් කොටුවක බැඳ දියණියට දසවද දුන් නැන්දා හා පියාට දුන් අධිකරණ නියෝගය

නොරෝච්චෝලේ ආලංකුඩාව ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක වසර දෙකක් දම්වැල් දමා කුකුල් කොටුවක බැඳ දසවද දුන් ඇගේ නැන්දනිය අගොස්තු 2 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් දැරියගේ පියා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසත් පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් එම්.එම්.ඉක්බාල් මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයේ තබා ඇත්තේ දැරියගේ නැන්දනිය බව කියන නොරොච්චෝල ආලංකුඩාව පදිංචි ක්‍රිෂ්නසාමි නිසංසලා නමැති 29 හැවිරිදි කාන්තාවක් සහ ක්‍රිෂ්නසාමි ජුලියඩ් දේවානන්ද නැමැති ඇගේ පියාය.

දැරියගේ පියා දැරියට රැකවර්ණය නොදිමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත්කර තිබූ අතර ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පොලිසිය දැරිය සොයා ගන්නා අවස්ථාවේදී දරුණු වද හිංසා වන්ට ලක්කර තිබූ බව අධිකරණයේදී කියැවිණි.

එසේම මෙම දැරිය පාසලකට පවා යවා නැති බව කියයි.

නැන්දනිය ආහාර ලබා නොදීම නිසා රහසේ නිවසින් පැන ගොස් අවට නිවෙස් වලින් ආහාර සොරා ගැනීමටත් හුරුව ඇති බවද ඒ හේතුවෙන් මෙම පහර දීම් සිදුව ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත.

එසේම දැරියට නිසි ආහාර පවා ලබා නොදී ඇය දැඩි ලෙස කුසගින්නෙන් පීඩාවට පත්ව ඇති බවද සිදුකල පරීක්ෂණ වලදී සනාථ කරගෙන තිබූ බව කියයි.

දැරියගේ සිරුර පුරා සෑම ස්ථානයක දරුණු පැරණි පිලිස්සුම් තුවාල ඇති බවත් ඒ සමගම හිසේ ස්ථාන කීපයකම දරුණු මට්ටමේ තුවාල ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.