ඩෙල්ටා ආසාදිත 11 හැවිරිදි පාසල් සිසුවෙක් හඳුනා ගනී

0
Delta Variant - ඩෙල්ටා ආසාදිත 11 හැවිරිදි පාසල් සිසුවෙක් හඳුනා ගනී
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු හදුනාගෙන තිබේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් මෙම ආසාදිත සිසුවා හඳුනාගත් බව ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ආසාදිත සිසුවා මේ වන විට රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදු කරන බවද ඔහු පැවසීය.