කොරෝනා රැලි ඇතිවීම වැළැක්විය නොහැකි හේතුව

0
Coronavirus Outbreak - කොරෝනා රැලි ඇතිවීම වැළැක්විය නොහැකි හේතුව

නිරෝධායන නීති හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා කොරෝනා රැලි ඇතිවීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව ඉරිදා පුවත්පතක් වාර්තා කර ඇත.

කොරෝනා වසංගතය කොතරම් කාලයක් පවතීද යන්න පිළිබඳ ව පැහැදිලි ව නිගමනය කළ නොහැකි තත්ත්වයක් පවතින බැවින් නිරෝධායන නීති සියලු අංශවලට හා සියලු දෙනාට සමානව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා එම පුවත්පතට සඳහන් කර තිබුණා.

දැනට ඩෙල්ටා වෛරසය රටපුරා පැතිරෙන ස්වරූපය ස්වරූපයක් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කර තිබුණා.