කැපිටල් මහරාජා සමූහයේ සභාපති කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

0
Rajamahendran Passed Away - කැපිටල් මහරාජා සමූහයේ සභාපති කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී ආර්. රාජා මහෙන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වීතිබේ.

කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය.

ඒ මහතාට කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කරන ලදී.

ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් වුවද වෛරසය දැඩි ලෙස ඔහුගේ පෙනහලු වලට බලපෑම හේතුවෙන් මියගොස් සිටි ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා ආසාදිතව මිය ගිය හේතුවෙන් දේහය පිලිබද අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද දිනයේම සිදු කිරිමට නියමිතය.