15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය පිය පුතු මාට්ටු

0
Sexual Abuse - 15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය පිය පුතු මාට්ටු
සති දෙකක් පුරා අතුරුදන්ව සිටි බව කියන වයස අවුරුදු 15 වයසැති බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය සිදු කිරිම සහ එයට ආධාර අනුබ දුන් බව කිය  පියපුතු දෙදෙනකු මොරටුව කොරලවැල්ලේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය කියයි.

බාල වයස්කාර දැරිය ආගිය අතක් නැති බව මිත්තනිය ගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකාර පියපුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අතුරුදහන් වූ බව කියන තරුණියගේ නිවස අසල මාර්ගයේ නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ යමින් සිදුකළ විමර්ශනයේදී වයස අවුරුදු 25 සැකකාර තරුණයා සමග දැරිය පිටව යන ආකාරය විමර්ශනය වූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයේදී තරුණයා හා දැරිය ෆේස්බුක් සමාජ ජාලයේ දී හඳුනාගන ඇති බව පොලිසිය පවසයි.

ඒ ඔස්සේ ගොඩනැගුණු මිතුරුකම පසුව ආදර සම්බන්ධතාවක් බවට පත්ව ඇතිබව පොලිසිය කියයි.

ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන දැරියගේ මව විදේශගතව සිටින අතර පියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිය පවුල අතහැර ගොස් සිටින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් පියාගේ වයස අවුරුදු හතළිස් දෙකක් බව පොලිසිය කියයි.

අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරියක දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර සැකකාර පිය,පුතු දෙදෙනා මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.