ඩෙල්ටා ආසාදිතයින් තවත් ඉහළට

0
Delta Variant in Sri Lanka - ඩෙල්ටා ආසාදිතයින් තවත් ඉහළට
මේ දක්වා මෙරටින් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 66 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (24) ඒ බව ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේදී ඩෙල්ටා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව සමස්ත ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී තිබුණේ 66ක් ලෙසය.

එහිදී කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.