ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව ඇගිලි ගනිමින් ඉන්නේ

0
Harsha de Silva - ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව ඇගිලි ගනිමින් ඉන්නේ
වත්මන් ආණ්ඩුව ජනතාව රවටමින් තවත් වසර පහක් බලයේ සිටීමට උත්සාහ කරන්නේ නම් එය කිසිසේත්ම සිදු නොවන බව සමගි ජනබලවේගයේ පාර්මේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ජනතාව මෙම ආණ්ඩුව ගෙදර යැවීමට අවස්ථාවක් ලැබෙන තුරු ඇඟිලි ගනිමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා හෝමාගම දී පැවති විරෝධතාවක අතරතුර මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය.

තම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට තවත් වසර 05ක් ඇති බවට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.