2020 උසස් පෙළ සමත් දරුවන්ට දැනුම්දීමක්

0
Notice for A/L Studentds - 2020 උසස් පෙළ සමත් දරුවන්ට දැනුම්දීමක්
2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් යොමු කිරීමට නොහැකි වූ දරුවන්ට ඒ සඳහා නැවත අවස්ථාවක් ලබාදී ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

ඒ සඳහා එළඹෙන 26 වනදා සිට 30 වනදා දක්වා කාලය ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

ඒ පිළිබඳව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා දැක්වූ අදහස් පහතින්,

2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කැඳවීම අවසාන වුණේ ජූනි මාසේ 18 වනදා.

ඒ වෙලාවෙදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැහැදිලිව දරුවන්ට කිව්වා රටේ පවතින තත්ත්වය යටතේ දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ අයදුම්පත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කිරීමට හැකියාවක් නොතිබුණා නම් ඒ දරුවන්ට නැවත අවස්ථාවක් ලබාදෙනවා කියලා.

ඒ අනුව ජූලි 26 වනදා සිට 30 වනදා දක්වා කාලය ලබාදීලා තියෙනවා. ඊට අමතරව ඒ පුරවන ලද අයදුම්පතේ පිටපතක් ලබාගෙන ඒ පිටපතේ අත්සන් කරලා ඒක නැවත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ apply2020@ugc.ac.lk කියන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතුයි.

30 වනදායින් පසුව 31 වනදා සිට අගෝස්තු 14 වනදා දක්වා කාලය ලබාදෙනවා තමන් විසින් සඳහන් කළ විශ්වවිද්‍යාල අනුපිළිවෙල වෙනස් කිරීමට හෝ පාඨමාලා තොරතුරුවල අනුපිළිවෙල වෙනස් කරන්න අවශ්‍ය නම්. මේ අවස්ථාව වනවිට අයදුම්පත් යොමුකර අවසන් දරුවන්ට මේ අවස්ථාව හිමිවෙන්නේ නෑ.

ඒ වගේම එසේ යොමු කරලා තමන්ගේ වර්ණය වෙනස් කළ දරුවන්ට නැවත මේ අවස්ථාවේදී වර්ණය වෙනස් කරන්න අවස්ථාව හිමිවෙන්නේ නෑ.

මෙතනදි අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ අයදුම්පත කුමණ හෝ හේතුවක් නිසා යොමුකර ගැනීමට නොහැකි වූ දරුවන්ට පමණයි.