චෝදනා ප‍්‍රමාණවත්.. බදියුදීන් පවුලම වසර 2-10ත් අතර හිරේ…

0
Rishad Bathiudeen - චෝදනා ප‍්‍රමාණවත්.. බදියුදීන් පවුලම වසර 2-10ත් අතර හිරේ...

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ රඳවා තබාගෙන මෙහෙකාර සේවයේ යෙද වූ බාල වයස්කාර දැරිය කායික සහ මානසික කෲරත්වයක යෙදවූ බව හෙළිවී ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පෙන්වා දෙන්නේ අදාළ වරදකරුවනට වසර 2-10 අතර සිර දඬුවම් ලබාදීමට එම චෝදනාව වුවද ප්‍රමාණවත් බවය.

දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ ඔවුනට මෙම සිරදඬුවම් නියම කළ හැකි බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම දරුවකු විකිණීම සහ මිලදී ගැනීම ද වසර 20ක සිර දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවත් පවසන ඔහු දැරියගේ මව විසින් යම්කිසි ණය මුදලක් පියවා ගැනීමට තැරැව්කරුවකු හරහා දැරිය විකිණීමක් කර ඇති බවත් පෙනී යන බවද කීය.

සබැඳි පුවත් – බදියුදීන්ගේ ගෙදර තරුණියෝ 11 කට දැඩි හිංසන.. ඇතැමුන්ට ලිංගික අතවර කරලා.. ඇමැති නිල නිවස ඇතුළෙත් අතවර…