ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 4000 ඉක්මවයි

1
Covid Deaths in Sri Lanka - ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 4000 ඉක්මවයි
මෙරට සිදුවූ තවත් කොරෝනා මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4002ක් ලෙසටයි.

ඊයේ තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 26ක් සහ කාන්තාවන් 17ක් ඇතුලත්.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 4ක් සහ කාන්තාවන් 4දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 22ක් සහ කාන්තාවන් 13ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.