පළාත් අතර ගමනාගමනය යළි ඇරඹෙන දිනය මෙන්න

0
Public Transport - පළාත් අතර ගමනාගමනය යළි ඇරඹෙන දිනය මෙන්න
අගෝස්තු මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවාවන් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

මාතර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“සංචරණ සීමා ඉවත් කළත් නැතත් ලබන අගෝස්තු පළමු වනදා සිට පළාත් අතර යම් බස් රථ ප්‍රමාණයක් සහ දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන්න කොවිඩ් කමිටුව අපිට පසුගිය රැස්වීමේදී අනුමැතිය දුන්නා. සීමා ඉවත් කළොත් අපි සම්පූර්ණ වශයෙන් ප්‍රවාහන පහසුකම් සපයනවා. ඒ අනුව සීමා ඉවත් නොකෙරුවොත් අපි අවසර දෙන සීමිත බස් ප්‍රමාණයකට ධාවනය කිරීමේ හැකියාව තියෙනවා.”

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පළාත් අතර සංචරණ සිමා පැනවීම හේතුවෙන් දුම්රිය සහ බස් රථ සේවාවන් තහනම් කිරීමට පසුගියදා තීරණය කෙරුණා.