කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඇඳන් 10000ක් දෙන්න බැසිල් සූදානම්

0

කොරෝනා ආසාදිත පුද්ගලයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා දින දහයක් ඇතුළත ඇඳන් දස දහසක් ලබා දීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරෙනු ඇති.

මෙම ඇඳන් දස දහසට අමතරව දිස්ත‍්‍රික්ක මට්ටමින් අමතර ප‍්‍රතිකාර ස්ථාන හඳුනාගෙන ඒවාට අවශ්‍ය ඇඳන් ඇතුළු උපකරණ සැපයීමේ වගකීම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්ට පවරා තිබෙනවා.

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)