තවත් කොරෝනා මරණ 42ක් වාර්තා වෙයි

1
Covid 19 Deaths Today - තවත් කොරෝනා මරණ 42ක් වාර්තා වෙයි
මෙරට සිදුවූ තවත් කොරෝනා මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3964ක් ලෙසටයි.

ඊයේ තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 25ක් සහ කාන්තාවන් 17ක් ඇතුලත්.

අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 4ක් සහ කාන්තාවන් දෙදෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 21ක් සහ කාන්තාවන් 14ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.