වසර 21කට පසු මුණගැසී දින දෙකකට පසු අවසන් ගමන් යයි

0
Missing Person Dead - වසර 21කට පසු මුණගැසී දින දෙකකට පසු අවසන් ගමන් යයි
වසර විසි එකක් අතුරුදහන්ව සිට පසුව මුහුණු පොතේ පළ වු ජායාරූපයක් ඔස්සේ පවුලේ සමාජිකයනට මුණගැසුණු තම පියා දින දෙකකට පසු මියගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති.

බාරකරුවකු නොමැතිව කාදාන ආනියකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී එහි හෙදියක මුහුණු පොතේ පළ කල ජායාරූපයක් ඔස්සේ කේ.ජි. පියසේන නැමති එම පුද්ගලයා ඉකුත් 19 දා ඔහුගේ බිරිඳ සහ දරුවන් හඳුනා ගත්හ.

එම පවුලේ සාමාජිකයන් පියසේන නැමැත්තා රැගෙන ගොස් මාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ.

එසේ සිටියදී ඉකුත් 21දා එම පුද්ගලයාව මාතලේ රෝහලේ සිට රත්තොට රෝහලවෙත මාරු කර එවීමෙන් පසු එදිනම ඔහු ජීවිතක්ෂයට පත් වු බව ඔහුගේ පවුලේ සමාජකයකු පැවසීය.